නිපුණතාව 03

භූගෝලීය පාරිසරික තත්ත්ව හා බැඳුණු සංකල්ප,පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අදාළ සංකල්ප සංවර්ධනයට යොදා ගනී.

කේ.බී.අග්‍රා සුධාරි ධර්මවර්ධන

2020/waya/pri/s/f/3570

ප්‍රාථමික -C


3.1 නිපුණතා මට්ටම

ශ්‍රී ලංකාවේ පිහිටීම පිළිබඳ තොරතුරු අධ්‍යනය කර වාර්තා කරයි.

රටක පිහිටීම

රටක පිහිටීම දැකිය හැකි ක්‍රම දෙකකි.

1.සාපේක්ෂ පිහිටීම

2.නිරපේක්ෂ පිහිටීම



  1. සාපේක්ෂ පිහිටීම

රටක පිහිටීම එරට අවට පිහිටි සාගර හා මහාද්වීප පදනම් කරගෙන දැක්වීම සාපේක්ෂ පිහිටීම වේ.


2.නිරපේක්ෂ පිහිටීම.

රටක පිහිටීම අක්ෂාංශ හා දේශාංශ අනුව දැක්වීම නිරපේක්ෂ පිහිටීම ලෙස හැඳින්වේ.


ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම මෙසේ දැක්විය හැකිය.


  • උතුරින් ආසියා මහද්වීපයත්,
  • දකුණින් ඇන්ටාටිකා මහද්වීපයත්,
  • බටහිරින් අප්‍රිකා මහද්වීපයත්,
  • ගිනිකොනින් ඕස්ට්‍රේලියා මහද්වීපයත්
  • ඉන්දියන් සාගරයේ මධ්‍යගතවත් පිහිටා ඇත.






ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම මෙසේ දැක්විය හැකිය.

උතුරු අක්ෂාංශ 5 ත් 10 ත් අතර හා

නැගෙනහිර දේශාංශ 79 ත් 82 ත් අතර ශ්‍රී ලංකාව පිහිටා ඇත.

  • රටක පිහිටීම දැක්විය හැකි ඉහත ක්‍රම අතුරින් වඩාත්ම නිවැරැදි ක්‍රමය වන්නේ නිරපේක්ෂ

ක්‍රමයට රටක පිහිටීම දැක්වීමයි.


අක්ෂාංශ හා දේශාංශ

  • පෘථිවි ගෝලයේ තිරස්ව හා සිරස්ව ඇඳ ඇති මනහ්කල්පිත රේඛා අක්ෂාංශ හා දේශාංශ වේ.


  • සැබෑ ලෝකයේ දක්නට නොමැති නිසා මෙම රේඛා මනහ්කල්පිත රේඛා ලෙස හඳුන්වයි.


  • පෘථිවි ගෝලයේ අධ්‍යනය පහසුව සඳහා භූගෝල විද්‍යාඥයින් විසින් මෙම රේඛා නිර්මාණය කර ඇත.


අක්ෂාංශ

  • පෘථිවි ගෝලයේ තිරස්ව පිහිටා ඇති ( බටහිර - නැගෙනහිර දිශාව) මනහ්කල්පිත රේඛා අක්ෂාංශ රේඛා වේ.


  • අක්ෂාංශ නිසා පෘථිවි ගෝලය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි වේ.
        • උතුරු අර්ධ ගෝලය
        • දකුණු අර්ධ ගෝලය

  • ප්‍රධාන අක්ෂාංශ පරිමා 5 කි.







  • උතුරු අක්ෂාංශ අංශක 90 උතුරු ධ්‍රැවය ලෙසද දකුණු අක්ෂාංශ අංශක 90 දක්ෂිණ ධ්‍රැවය ලෙසද හඳුන්වයි.
  • සමකයේ සිට උතුරට හා දකුණට යනවිට අක්ෂාංශ ප්‍රමාණයෙන් කුඩා වේ.
  • ඒ අනුව ධ්‍රැවය තිතක් ලෙස දැක්වේ.



දේශාංශ

  • පෘථිවි ගෝලයේ සිරස්ව (උතුරු දකුණු දිශාගතව) පිහිටි මනහ්කල්පිත රේඛා දේශාංශ ලෙස සැලකේ.


  • දේශාංශ රේඛා මගින් පෘථිවි ගෝලය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

1.නැගෙනහිර අර්ධ ගෝලය

2.බටහිර අර්ධ ගෝලය


  • ප්‍රධාන දේශාංශ රේඛා දෙකකි .


ශ්‍රී ලංකාවේ පිහිටීම හා සම්බන්ධ තොරතුරු


  • ශ්‍රී ලංකාව දිගින් උතුරේ සිට දකුණට (පේදුරු තුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා) කි.මී.432 ක් ද,


  • පළල බටහිර සිට නැගෙනහිරට ( කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වා) කි.මී. 224 ක් ද,


  • ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 65610 ක් ද,


  • ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර (පෝක් සමුද්‍ර සන්ධිය) දුර කි.මී.32 ක් ද වේ.


ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම,


  • ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම.
  • එකවර නැව් විශාල ප්‍රමාණයක් නැංගුරම් ලා තැබිය හැකි ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමල වරාය පිහිටා තිබීම.
  • නැගෙනහිර සිට බටහිරට දිවෙන සේද මාවතේ ප්‍රධාන ගොඩබිම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිහිටා තිබීම .
  • ඕනෑම රටක පුද්ගලයෙකුට ජීවත්වීමට හැකි දේශගුණික විවිධත්වයක් පැවතීම.


ශ්‍රී ලංකාවේ භූ දර්ශනය


  • යම් ප්‍රදේශයක ඇසට හසුවන කොටස භූ දර්ශනය වේ.


  • එය ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් විය හැකිය.


  • යම් ස්ථානයක භෞතික ලක්ෂණ, වෘක්ෂලතා, මිනිසා විසින් ගොඩනගන දෑ ආදිය භූ දර්ශනයට අයත් වේ.


ශ්‍රී ලංකා භූමියේ හරස්කඩ දර්ශනය


  • ක්‍රිස්තු වර්ෂ 139 ට පමණ ආසන්න කාලයේදී ග්‍රීක ජාතික ටොලමි විසින් අඳින ලද

ශ්‍රී ලංකා සිතියමට අනුව ලංකාවේ පිහිටීම.

ශ්‍රී ලංකාවේ වර්තමාන පිහිටීමේ ස්වභාවය




Sri Lanka

3.2 ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප හා ජලවහන රටා

භූ විෂමතාව යනු, භූමියේ ඇති වෙනස්කම් ය.භූමියේ ඇති කඳු, සානු, නිම්න, තැනිතලා ආදිය භූමියේ විෂමතා පෙන්වන ලක්ෂණ වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූ විෂමතා කලාප...


1.වෙරළබඩ තැනිතලාව

2.අභ්‍යන්තර තැනිතලාව(අඩ තැන්න)

3.මධ්‍ය කඳුකරය

වෙරළබඩ තැනිතලාව

මුහුද මට්ටමේ සිට 30m දක්වා බිම් කොටස වෙරළබඩ තැනිතලාවට අයත් වේ.එය උතුරේ දී උතුරේදී 32Km පමණ පුළුල් වන අතර දකුණට යන විට ඇතැම් තැනක 3Km දක්වා පටු වෙමින් විහිදේ.වෙරළබඩ තැනිතලා කලාපයේ විවිධ භූ දර්ශන දක්නට ලැබේ.

1.දූපත්

2.කලපු

3.ඩෙල්ටා

4.තුඩු

5.බොකු

6.වගුරු බිම්

7.මෝය

1.දූපත්

සම්පූර්ණයෙන්ම ජලයෙන් වටවූ ගොඩබිම දූපතකි.


උදා:කයිට්ස් දූපත,ඩෙල්ෆ්ට්,පුන්කුඩුතිව්,නයිනතිව්

2.කලපුව

වැලිපරයක් නිසා මුහුදින් වෙන් වුව ද පටු මෝයක් නිසා කරදිය ගලා එන නොගැඹුරු ජලාශ කලපු නම් වේ.


උදා:ලුනාව කලපුව,රැකව කලපුව,කොග්ගල කලපුව

3.ඩෙල්ටාව


ගංගා,මුහුදට වැටෙන ස්ථානයේ ඇතිවන ඊට ප්‍රති විරෝධී රළ පහර නිසා ගංගාවෙන් රැගෙන එන රොන්මඩ තැන්පත් වී දූපතක් ලෙස නිර්මාණය වන භූ කොටස් ඩෙල්ටා ලෙස හැදින්වේ.ඩෙල්ටා නිසා ගංගාව ශාඛාවලට බෙදී මුහුදට ගලා යයි.


උදා:මහවැලි ගඟ ,කළු ගඟ,කලාඔය,මී ඔය ආශ්‍රිතව ඩෙල්ටා පිහිටා ඇත.

4.තුඩුව


ගොඩබිම මුහුද දෙසට නෙරා ගිය ප්‍රතිරෝධක පාෂාණ සහිත ස්ථාන තුඩු නම් වේ.


උදා:පේදුරු තුඩුව, දෙවුන්දර තුඩුව, සංගමන් කන්ද තුඩුව

5.බොක්ක


මුහුදෙන් ගොඩ බිම දෙසට කාවැදී නිර්මාණය වී ඇති ගැඹුරු ජලාශ බොකු නම් වේ.


උදා:ඕලන්ද බොක්ක, ආරුගම් බොක්ක, කොඩ්ඩියාර් බොක්ක, වැලිගම් බොක්ක

6.වගුරු බිම්


මුහුදු මට්ටමට පහළින් පිහිටි ගංගා,ඇළ,දොළ, වැව් ආදියේ ජලය බැස නොයා මෙන් ජලය එකතු වී නිර්මාණය වන ප්‍රදේශ වගුරු බිම් ලෙස හඳුන්වයි.ගංගා පිටාර ගැලීමෙන් ද ගංගාවල ගමන් මාර්ග අවහිර වී වෙනස් වීමෙන් ද වගුරුබිම් ඇතිවේ.විවිධ පරිසර පද්ධති මේවායෙහි දක්නට ලැබේ.


උදා:මුතුරාජවෙල වගුරු බිම,දෙද්දූව වගුරු බිම, බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම

7.මෝය


ගංගාවක් මුහුදට වැටෙන ස්ථානය මෝය වේ.


උදා:කැලණි ගංගා මෝය, කලු ගං මෝය

අභ්‍යන්තර තැනිතලාව


30m -300mත් අතර භූමි ප්‍රදේශය අභ්‍යන්තර තැනිතලාව හෙවත් අඩතැන්න ලෙස හඳුන්වයි.උතුරේදී පළල් වන අතර දකුණේ දී පටුවේ.මෙහි ප්‍රධානතම භූවිෂමතා ලක්ෂණය නම්, ශේෂ කඳු පිහිටා තිබීමය.ඊට අමතරව වයඹ ගිනිකොන අතට විහිදී කුඩා හෙල්වැටි සමූහයක් ද අභ්‍යන්තර තැනිතලාවේ දක්නට ඇත.


ශේෂ කඳු


දීර්ඝ කාලයක් තිස්සේ ඛාදනයට භාජනය වී ඉතිරි වී ඇති කඳු ශේෂ කඳු වේ.

මධ්‍යම කඳුකරය


මුහුදු මට්ටමේ සිට 300m ට වැඩි උස් බිම් ප්‍රදේශය මධ්‍යම කඳුකරයට අයත් වේ. ශ්‍රී ලංකාවේ වඩාත් සංකීර්ණ භූ ලක්ෂණ මෙම කලාපයේ දක්නට ඇත.ශ්‍රී ලංකාවේ උසම ස්ථානය 2524m වූ පිදුරුතලාගල කඳු මුදුන ද මෙම කලාපයේ පිහිටා ඇත.මධ්‍යම කඳුකරයේ පිහිටි භූ විෂමතා ලක්ෂණ,


1.කඳු පන්ති

2.සානු

3.කපොලු

4.නිම්න

5.නෙරු

6.ගංගා

7.දිය ඇලි

1.කඳු පන්ති


කඳු මුදුන් කිහිපයක් එක් පෙළට පිහිටීමෙන් කඳු වැටියක් නිර්මාණය වේ. මධ්‍ය කඳුකරයේ එවැනි ප්‍රධාන කඳු පන්ති 4 කි.


1.පිදුරුතලාගල කඳු පන්තිය 2.හපුතලේ නමුණුකුල කඳු පන්තිය

3.සමනල කඳු පන්තිය 4.නකල්ස් කඳු පන්තිය


මේ ආකාරයට ප්‍රධාන කඳු පන්ති 4 ක් ලෙස බෙදා තිබුණ ද ඇතැම් තැනක අධ්‍යනයේ පහසුව සඳහා කඳු පන්ති 8 ක් ලෙස ද බෙදා ඇත.


1.නකල්ස් කඳු පන්තිය 2.පිදුරුතලාගල කඳු පන්තිය

3.රාගල කඳු පන්තිය 4.දොලොස්බාගේ කඳු පන්තිය

5.සමනල කඳු පන්තිය 6.හපුතලේ කඳු පන්තිය

7.නමුණුකුල කඳු පන්තිය 8.ලුණුගල කඳු පන්තිය

2.සානු


සානුවක් යනු ,උස් සම භූමියකි.මධ්‍ය කඳුකරයේ ඉහළ ප්‍රදේශයේ කඳු පන්ති අතර සමතලා භූමි දක්නට ලැබේ.ඒවා සානු ලෙස හඳුන්වයි.


උදා: 1.හැටන් සානුව-900m-1515m අතර උසින් පිහිටා ඇත.

2.වැලිමඩ සානුව -900m පමණ උසින් පිහිටා ඇත.

3.මහවල තැන්න,කොස්ලන්ද සානුව-300m-900m අතර

4.මහනුවර සානුව-600m-900m අතර

3.කපොලු


කපොල්ලක් යනු,උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානයකි.මධ්‍යම කඳුකරයට ඇතුළු ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග කපොලු හරහා ඉදිකර ඇත.


ප්‍රධාන කපොලු

මහා මාර්ගය

1.ගල ගෙදර

කුරුණෑගල - මහනුවර

2.බලන

කොළඹ - මහනුවර

3.ගිනිගත්හේන

අවිස්සාවේල්ල - නුවරඑළිය

4.බලකඩුව

මාතලේ - මහනුවර

5.හපුතලේ

බලංගොඩ - බණ්ඩාරවෙල

6.ඇල්ල

වැල්ලවාය - බදුල්ල

ගලගෙදර කපොල්ල

4.නිම්න

කඳුවැටියක කඳු මුදුන් දෙකක් අතර ඇති පහත් ප්‍රදේශයෙන් නිම්න ලෙස හඳුන්වයි.කඳුකරයේ සියලුම ජලධාරා නිම්න ඔස්සේ ගලා බසී.

5.නෙරු

කඳු මුදුන් දෙකක් අතර පිහිටි නිම්නයක දෙපස ප්‍රදේශයෙන් නෙරුව ලෙස හැඳින්වේ.

6.ගංගා


මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳු පන්ති 4 ලංකාවේ ප්‍රධාන ගංගාවන්හි ප්‍රභවය සිදු වන ස්ථාන ලෙස සැලකේ.සමනල කඳු පන්තියෙන් කැලණි,කළු යන ගංගා ආරම්භ වේ.නමුණුකුල කඳු පන්තියෙන් මැණික් ගඟ, කිරිඳි ඔය හා කුඹුක්කන් ඔය ආරම්භ වේ.එමෙන්ම සබරගමුව කඳු පන්තියෙන් කළු ගඟේ ශාඛා රාශියක්ද නිල්වලා ගඟේ ශාඛා රාශියක් ද ගිං ගඟ හා බෙන්තොට ගඟ යන ගංගා ද ආරම්භ වේ.ලංකාවේ ගංගා 103 ක් හා 34 ක් ආරම්භ වන්නේ මධ්‍යම කඳුකරයෙනි.මහවැලි, වලවේ ගඟ ඉන් ප්‍රධාන වේ.ජල විදුලිය නිපදවීම, වගාවන්ට ලබාගැනීම, පරිසරය සුන්දර කිරීම වැනි ප්‍රයෝජන රාශියක් ගංගාවලින් ලැබේ.

ප්‍රධාන ගංගාව /ඔය

දිග කී.මි

පෝෂක ප්‍රදේශය වර්ග කී.මි

1.මහවැලි ගඟ

335

10327

2.කලා ඔය

148

2772

3.කැළණි ගඟ

145

2278

4.යාන් ඔය

142

1520

5.වලවේ ගඟ

138

2442

6.කළු ගඟ

129

2688

7.මැණික් ගඟ

114

1272

8.ගිංගඟ

113

622

7.දිය ඇලි


උස්බිම්වල සිට ගලන ගංගා දළ බෑවුම් ඔස්සේ එකවර පහතට කඩා වැටීම නිසා දිය ඇලි සෑදේ.

දිය ඇල්ල

උස (මීටර්)

1.බඹරකන්ද දිය ඇල්ල

240

2.කුරුඳු ඔය ඇල්ල

188

3.දියලුම ඇල්ල

170

4.කිරිඳි ඇල්ල

165

5.රම්බොඩ ඇල්ල

119

6.ලක්ෂපාන

114

7.ඇබර්ඩින්

90

8.ඩෙවෝන්

85

9.දුන්හිඳ

55.6

10.එල්ජින්

55

11.මානා ඇල්ල

20

12.රාවණා ඇල්ල

7

මධ්‍යම කඳුකරයට සිදු වී ඇති මානව බලපෑම්



1.කඳු බෑවුම් කපා ගොඩනැගිලි,මාර්ග, ජලාශ ඉදිකිරීම.


2.වගා සඳහා කඳු කඳු බෑවුම් යොදා ගැනීම.


3.වන වැස්ම ඉවත් කිරීම.

ජල වහනය


පොළවට ජලය ලැබෙන ප්‍රධාන මාධ්‍ය වර්ෂාව ය.වර්ෂාවෙන් ලැබෙන ජලය පොළොවට උරා ගැනීම නිසා පොළොව ඡලයෙන් සංතෘප්ත වීමෙන් ජල අතිරික්තයක් ඇති වේ.එම අතිරික්තය ජලය පොළොව මතින් ගලා යාම ජලවහනය ලෙස හඳුන්වයි.ජලවහනය ජල සම්පාදනයේ විරුද්ධ ක්‍රියාවලිය ලෙසද සලකයි.ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලවහන රටා 5 ක් හඳුනාගත හැකිය.


1.ජාලාකාර ජලවහන රටාව

2.වලයාකාර ජලවහන රටාව

3.ශාඛීය ජලවහන රටාව

4.සවිරාම ජලවහන රටාව

5.අරිය ජලවහන රටාව

1.ජාලාකාර ජල වහනය


දැලක ආකාරයකට ජල වහනය සිදුවීම ජාලාකාර ජලවහන වේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් මෙවැනි ජලාකාර ජල වාහන වහන රටා දක්නට ඇතැයි සැලකේ.

2.වලයාකාර ජල වහන රටා


මහවැලි ගංගාවේ මෙවැනි වලයාකාර ජලවහන රටාවක් ඇතැයි සැලකේ.

3.ශාඛීය ජලවහන රටා


ගහක අතු විහිදී ඇති ආකාරයට සිදුවන ජල වහනය ශාඛීය ජලවහන රටා ලෙස සැලකේ.

4.සවිරාම ජලවහන රටා


පොළොව මතින් ගලන ජල ධාරාවක් එක්වරම පොළොව අභ්‍යන්තරයට ගලා ගොස් නැවත මතුවී පොළොව මත ගමන් කිරීමෙන් මෙම ජලවහන රටාව නිර්මාණය වේ.ගංගාවක් ගලන භූමියේ හුණුගල් පිහිටිමෙන් ද මෙවැනි ජලවහන රටා ඇතිවේ යැයි සැලකේ.කඳුකර ප්‍රදේශයේ ඇතැම් තැන්වල මෙවැනි ජල වහන රටා හඳුනා ගෙන ඇත.

5.අරීය ජලවහන රටා


එක් ස්ථානයකට ලැබෙන ජලය සෑම දිශාවකටම ගලා යාමෙන් අරීය ජලවහන රටාව නිර්මාණය වේ.ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිට සෑම දිශාවකටම ගංගා ගලා යාමක් දක්නට ලැබෙන නිසා ශ්‍රී ලංකාවේ ජලවහනය අරිය ජලවහන රටාවක් නිර්මාණය වී ඇතැයි සැලකේ.

3.3 නිපුණතා මට්ටම


ශ්‍රී ලංකාවේ කාලගුණික හා දේශගුණික තොරතුරු විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරයි

  • කාලගුණය හා දේශගුණය අතර වෙනස
  • කාලගුණය
  • කාලගුණය යනු කිසියම් මොහොතක, කිසියම් ස්ථානයක පවතින වායුගෝලීය ස්වභාවයයි.


  • වායුගෝලීය ස්වභාවය යනුවෙන් අදහස් කරන්නේ යම් මොහොතක වායුගෝලීය උෂ්ණත්වය, වර්ෂාපතනය ,ආර්ද්‍රතාව, සුළඟේ වේගය හා සුළඟ හමන දිශාව ආදියෙහි ස්වභාවයයි.
  • දේශගුණය
  • දේශගුණය යනු කාලගුණික තත්ත්ව දිගුකලක් (වසර 30ක් පමණ)තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා පොදු නිගමන දේශගුණය ලෙස සැලකේ.


  • කාලගුණයේ දිගුකාලීන තත්ත්ව දේශගුණය ලෙස ද සැලකේ.
  • දේශගුණික සාධක
  • දේශගුණ තත්ත්වය තීරණය වීම කෙරෙහි කරුණු කිහිපයක් බලපායි.
  • ඒවා දේශගුණික සාධක ලෙස හැඳින්වේ.
  1. අක්ෂාංශගත පිහිටීම
  2. උන්නතාංශය (උච්චත්වය)
  3. මුහුදේ සිට ඇති දුර
  4. ගොඩබිම්/ ජලාශ පිහිටීම
  5. දිය වැල්
  6. කඳු බාධක





  • කාලගුණික හා දේශගුණික අංග


  1. උෂ්ණත්වය
  2. වර්ෂාපතනය
  3. සුළං



  • උෂ්ණත්වය
  • පෘථිවියට ප්‍රධාන වශයෙන්ම තාපය හා ආලෝකය ලැබෙන්නේ සූර්යයාගෙනි.


  • සූර්ය රශ්මිය මගින් පෘථිවි තලය මෙන්ම ඒ වටා ඇති වායු වායුගෝලය ද රත්වේ.


  • එසේ රත්වීමෙන් ඇතිවන උණුසුම උෂ්ණත්වය ලෙස හැඳින්වේ.


  • දිවා කාලයේ උෂ්ණත්වය වැඩිවීමත් රාත්‍රී කාලයේ උෂ්ණත්වය අඩුවීමත් ඇති වන්නේ සූර්යයාගේ බලපෑම නිසාය.
  • වායු ගෝලයේ උෂ්ණත්වය වෙනස්වීම කෙරෙහි බලපාන සාධක
  1. අක්ෂාංශගත පිහිටීම

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ සමකය ආසන්නයේ උතුරු අක්ෂාංශ අංශක 5ත් අංශක 10 ත් අතර නිසා දිවයිනට අවුරුද්ද මුළුල්ලේම ඒකාකාර සූර්යතාපය ලැබේ.


මෙහිදී රටක හෝ ප්‍රදේශයක අක්ෂාංශගත පිහිටීම උෂ්ණත්වය වෙනස්වීම කෙරෙහි බලපායි.

2.උන්නතාංශය (උච්චත්වය)

  • උච්චත්වය යනු භූමියේ උසය.


  • මුහුදු මට්ටමේ සිට උස වැඩි වන විට උෂ්ණත්වය අඩු වේ.


  • මීටර් 100 කට සෙල්සියස් අංශක 0.64 ක් බැගින් උෂ්ණත්වය අඩු වන අතර එය “පතනශීඝ්‍රතාව” ලෙස හැඳින්වේ.


  • ඒ අනුව උසින් අඩු ප්‍රදේශවල උෂ්ණත්වය හා උසින් වැඩි ප්‍රදේශ ප්‍රදේශවල උෂ්ණත්වය අතර වෙනසක් දක්නට ලැබේ.

3.සාගරයේ සිට ඇති දුර

  • ඕනෑම ජල තලයක් ඒ අවට ප්‍රදේශයේ උෂ්ණත්වය පාලනය කිරීමට ආධාර වේ .


  • එයට හේතුව දවල් කාලයේ ජලය ගොඩබිමට වඩා සිසිල් ව පවතින අතර ඒ අවට වාතය සිසිල්ව තබා ගැනීමට උපකාරී වේ .


  • අප රට කුඩා දිවයිනක් නිසා සාගරයේ බලපෑම නිරතුරුවම ලැබේ .


  • එමෙන්ම ගොඩබිම උෂ්ණත්වය පාලනය වීමට සාගරයේ බලපෑමද ලැබේ.

4.ඍතුමය සුළං

  • ඍතුමය සුළං ද උෂ්ණත්වය ව්‍යාප්තියට බලපා යි.


  • ශ්‍රී ලංකාවට ඍතු අනුව හමන සුළං රටාව වන්නේ මෝසම් සුළං ය.


  • ජලවාෂ්ප බහුල මෝසම් සුළං ගොඩබිම හරහා හමා යාමේදී එම සුළං මාර්ගයේ පිහිටි ප්‍රදේශවල උෂ්ණත්වය වෙනස්වීම කෙරෙහි බලපායි.
  • වර්ෂාපතනය
  • යම් නිශ්චිත කාලයක් තුළ කිසියම් ප්‍රදේශයකට ලැබෙන මුලු වර්ෂා ප්‍රමාණය වර්ෂාපතනය ලෙස හැඳින්වේ.

  • ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන ක්‍රම කිහිපයකි.


    1. සංවහන වර්ෂාව
    2. මෝසම් වර්ෂාව
    3. වාසුළි වර්ෂාව
  1. සංවහන වර්ෂාව
  • අප්‍රේල්, සැප්තැම්බර් යන මාස වල ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන බැවින් අනෙක් කාල වලට වඩා සූර්යය තාපය ලැබේ.


  • පොළෝ තලය ආසන්නයේ වාතය රත් වී ඉහළ නගින්නට පටන් ගනී.


  • ඒවා සංවහන වායු ධාරා නම් වේ. ඉහළ ගිය වාතය සිසිල් වී ජලවාෂ්ප ඝනීභවනය වී වළාකුළු සෑදී සවස් කාලයේදී වර්ෂාව ලැබෙයි.


  • එය සංවහන වර්ෂාව නමින් හඳුන්වයි. මාර්තු, අප්‍රේල්, සැප්තැම්බර්, ඔක්තෝම්බර් යන මාස වල සංවහන මගින් වැසි ලැබේ .


  • ගොඩ වැසි, අභ්‍යන්තර වැසි, සවස් කල අකුණු කුණාටු සහිත වැසි නමින්ද මෙම වැසි හඳුන්වයි.

2.මෝසම් වර්ෂාව

  • එක් එක් කාල වල දී ශ්‍රී ලංකාවට හමන මෝසම් සුළං මගින් ඇතිවන වැසි මෝසම් වැසි ලෙස හැඳින්වේ.


  • ශ්‍රී ලංකාවට බලපාන මෝසම් වැසි වර්ග දෙකකි.

    1. නිරිත දිග මෝසම් වැසි
    2. ඊසාන දිග මෝසම් වැසි
  1. නිරිත දිග මෝසම් වැසි
  • මැයි සිට සැප්තැම්බර් දක්වා කාල වලදී ශ්‍රී ලංකාවට හමන සුළං නිරිත දිග මෝසම් සුළං ලෙස හඳුන්වයි.


  • ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් රටට ඇතුල් වන නිසා මෙම සුළං නිරිතදිග මෝසම් සුළං ලෙස හඳුන්වයි.


  • මෙම සුළං නිසා සුළං නිසා ඇතිවන වැසි නිරිත දිග මෝසම් වැසි ලෙස හදුන්වයි.

‍‍2.‍‍‍‍‍ඊසාන දිග මෝසම් වැසි

  • දෙසැම්බර් සිට පෙබරවාරි දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග මෝසම් සුළඟිනි.


  • දිවයිනේ ඊසාන දෙසින් රටට ඇතුළු වන නිසා මෙම සුළං ඊසානදිග මෝසම් සුළං ලෙස හදුන්වයි.


  • මෙම සුළං නිසා ඇතිවන වැසි ඊසානදිග මෝසම් වැසි ලෙස හඳුන්වයි.
  • ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන කාල සීමාව හා ක්‍රම අනුව ප්‍රධාන කොටස් හතරකට බෙදිය හැකිය.

1.මැයි සිට සැප්තැම්බර් දක්වා

  • නිරිත දිග මෝසම් වර්ෂාව

2. ඔක්තෝම්බර් සිට නොවැම්බර් දක්වා

  • වාසුළි වර්ෂාව


3.දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා

  • ඊසාන දිග මෝසම් වර්ෂාව


4.මාර්තු සිට අප්‍රේල් දක්වා

  • සංවහන වර්ෂාව

3.වාසුළි වර්ෂාව( අවපාත වැසි/ නිවර්තන වාසුළි වැසි)

  • ශීත හා උණුසුම් වාත ස්කන්ධ එකිනෙක ගැටීම නිසා හටගන්නා වූ අඩු පීඩන කලාපයට බාහිරින් සුළං ගලා ඒමෙන් හටගන්නා වාසුළි නිසා ඇතිවන අධික වර්ෂාව වාසුළි වැසි ලෙස හැඳින්වේ.
  • ශ්‍රී ලංකාව වසර පුරා වැසි ලැබෙන දූපතක් ලෙස සලකයි.
  • ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප
  • ඒකාකාර දේශගුණික කලාප පවතින ප්‍රදේශ දේශගුණික කලාප ලෙස හැඳින්වේ


  • . දේශගුණය කෙරෙහි බලපාන උෂ්ණත්වය, සුළං, වර්ෂාපතනය වැනි සාධක වල අන්‍යොන්‍ය ක්‍රියාකාරීත්වය මත දේශගුණික කලාප තීරණය වේ.


  • ශ්‍රී ලංකාව වැනි භූවිෂමතාව උෂ්ණත්වය හා වර්ෂාපතනය පදනම් කරගෙන ශ්‍රී ලංකාව ප්‍රධාන දේශගුණික කලාප 5කට බෙදා ඇත.

1. පහතරට තෙත් කලාපය

2. පහතරට වියළි කලාපය

3. කඳුරට වියළි කලාපය

4. කදුරට තෙත් කලාපය

5. අර්ධ ශුෂ්ක කලාපය

(අර්ධ ශුෂ්ක කලාප පහතරට වියළි කලාපයට ඇතුලත් කර දක්වන අවස්ථාද ඇත)

1. පහතරට තෙත් කලාපය


2. පහතරට වියළි කලාපය

3.කඳුරට තෙත් කලාපය


4.කඳුරට වියළි කලාපය


5.අර්ධ ශුෂ්ක කලාපය


  • වාර්ෂික වර්ෂාපතනය 2000mm වැඩි උස 300m පහළ මට්ටමක පිහිටි කලාපය මෙයට අයත් වේ.


  • විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නිරිතදි දිග කලාපය මෙයට ඇතුලත්ය. අවුරුද්ද මුළුල්ලේම වර්ෂාව පැවතීම මෙහි විශේෂත්වයයි.


  • වාර්ෂික වර්ෂාපතනය 1250mm -2000mm පමණ වන අතර ඊසාන දිග මෝසම් සුළඟින් මෙම ප්‍රදේශයට වර්ෂාව ලැබේ .


  • අවිනිශ්චිත වර්ෂාපතනය හා අධික වාෂ්පීකරණය මෙම කලාපයේ විශේෂිත ලක්ෂණය වේ.


  • මාතලේ, මහනුවර, නුවරඑළිය හපුතලේ යන නගර පිළිවෙලින් සම්බන්ධ කරමින් රේඛාවක් ඇන්දොත් ඊට බටහිරින් පිහිටි කලාපය මීට ඇතුළත්වේ.


  • අවුරුද්ද පුරා වැසි ලැබේ. සාමාන්‍ය වර්ෂාපතනය 3000mm පමණ වන අතර වැඩිම වර්ෂාව වටවල ප්‍රදේශයට ලැබේ.


  • කඳුරට තෙත් ප්‍රදේශයෙන් නැගෙනහිර කොටස මීට අයත් වේ .


  • සාමාන්‍ය වර්ෂාපතනය 1750mm 2000mm අතර වේ. මෙම ප්‍රදේශයට අඩු වර්ෂාවක් ලැබෙන්නේ සුළං මුවාවෙහි පිහිටි නිසාය.


  • වාර්ෂික වර්ෂාපතනය 650mm සිට 1250mm අතර ලැබේ.


  • වයඹදිග කල්පිටිය මන්නාරම හා ගිණිකොණදිග පිහිටි පටු බිම් ප්‍රදේශ දෙක මේ කලාපයට ඇතුළත් ය.


  • වෘක්ෂලතා වර්ධනයට ප්‍රමාණවත් නොවන වර්ෂාපතනයක් ඇති නිසා ඉතා වියළි ස්වභාවයක් දක්නට ලැබේ.


  • ජල චක්‍රය
  • ජලය පරිසර පද්ධතියේ මෙන්ම පෘථිවියේ වැදගත් අංගයක් වේ .


  • හයිඩ්‍රජන් හා ඔක්සිජන් සංයෝගයෙන් ජලය නිර්මාණය වී ඇත.


  • ඝන ද්‍රව හා වායු ස්වරූපයෙන් ජලය පෘථිවියේ ඇත.


  • ශාක වලටත් සත්ව හා මනුෂ්‍ය ජීවිත වලටත් ජලය අත්‍යවශ්‍ය වේ .


  • ඒවායෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ජලය ජීව ජලය ලෙස හඳුන්වයි.


  • ජලය ලොව පුරා ව්‍යාප්ත වී ව්‍යාප්ත වී ඇති ආකාරය ප්‍රතිශතයක් ලෙස

පහත වගුවෙහි දැක්වේ


  • පෘථිවියේ ඇති ජලය චලනය වේ.
  • ජල චක්‍රය හෙවත් ජලා වර්තන චක්‍රය ලෙස මෙය හදුන්වයි.
  • ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වය ද ශක්තිය ලැබෙන්නේ සූර්යයාගෙනි .
  • සූර්යය රශ්මිය හේතුකොටගෙන සාගර වලින් ද අභ්‍යන්තර ජලාශ වලින්ද භූමියෙන් ද

ජලය වායුගෝලයට ජල වාෂ්ප ලෙස එක් වේ. එය වාෂ්පීකරණය නම් වේ.


  • එමෙන්ම ශාක හා සත්ත්ව ශරීර තුළ ඇති ජලය ජල වාෂ්ප බවට පත්වේ ශාක පත්‍ර හා

ශාක කොටස් මගින්ද වායුගෝලයට ජලවාෂ්ප එකතු වේ.


  • එය උත්ස්වේදනය නමින් හඳුන්වයි .
  • වාෂ්පීකරණය හා උත්ස්වේදන ක්‍රියාවලියෙන් වායුගෝලයට ජලය ලැබෙන විට වායුගෝලයට

තෙතමනය ලැබේ .

  • එය ආර්ද්‍රතාවය යනුවෙන් හඳුන්වයි .


  • ජල වාෂ්ප ඉහළ යාමෙන් ක්‍රමයෙන් ඝනීභවනය වී වලාකුළු බවට පත්වී (වලාකුළු යනු ජල වාෂ්ප කුඩා ජල බිංදු සමූහ බවට පත්වීමයි) ජල බිංදු පොළොවට ඇදහැලීම වර්ෂාපතනය ලෙස ද හිමඇද හැලීම හිම පතනය ,අයිස් වැටීම , පිනි හා තුහින වැටීම ලෙස ද හඳුන්වයි.
  • ශාක හා ගංගා ඇළ දොළ දොළ වල හා සාගරයේ ඇති ජලය සූර්යය රශ්මිය නිසා උත්ස්වේදනය හා වාෂ්පීකරණය මගින් නැවත ජල බවට පත්වී ඉහළ යන අතර ඒවා ඝනීභවනය වී නැවත වර්ෂාව ලෙස ඇද හැලේ.


  • මෙය චක්‍රාකාරව සිදුවන නිසා ජල චක්‍රය යනුවෙන් හැඳින්වේ.
  • සුළං
  • වැඩි පීඩන ස්ථානයක සිට අඩු පීඩන ස්ථානයකට ගලා යාම සුළං ලෙස හැඳින්වේ.


  • භූ තලය මතුපිට පවතින පීඩන වෙනස් වීම නිසා සුළඟ ඇති වේ.


  • වෙනස්කම් අනුව සුළං හැමීමේ වේගය ද අඩු වැඩි වේ.


  • වායුගෝලීය සුළං රටාව හා එහි වේගය මූලික වශයෙන් ම ඇති වන්නේ පීඩන අනුක්‍රමනය අනුවය.


  • සුළඟේ වේගය මැනීමට හා හමන දිශාව හදුනා ගැනීම සඳහා උපකරණ සකස් කර ඇත .


  • සුළං හමන දිශාව දැනගැනීම සඳහා” සුළං දිශා දර්ශකය “ද සුළගේ වේගය මැන බැලීම සදහා “අනිලමානය “ද භාවිතා කරයි.
  • ශ්‍රී ලංකාවට බලපාන සුළං වර්ග

  • නිරිත දිග මෝසම් සුළං
  • ඊසාන දිග මෝසම් සුළං
  • ගොඩ සුළං
  • මුහුදු සුළං

1.නිරිතදිග මෝසම් සුළං


  • මැයි සිට සැප්තැම්බර් දක්වා දිවයිනට හමන සුළං නිරිත දිග මෝසම් සුළං ය.


  • දකුණු අර්ධ ගෝලයේ සිට හමන සුළං විශේෂයක් වන වෙළඳ සුළං ගිම්හාන ඍතුවේ දී සමකය හරහා ගමන් කරන විට එම සුළං වල සාමාන්‍ය දිශාව වෙනස් කරමින් හැමීම නිසා ශ්‍රී ලංකාවට නිරිත දිශාවෙන් මෙම සුළං රට තුළට හමා එයි.


2.ඊසාන දිග මෝසම් සුළං

ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශයේ සිට මෙම සුළං හමා එන අතර ශ්‍රී ලංකාවට ඊසාන දිශාවෙන් රට තුළට ඇතුළු වේ.දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා මෙම සුළං බල පැවැත්වේ.

3. මුහුදු සුළං


දහවල් කාලයේදී හිරු එළිය වැටීම නිසා මුහුදට වඩා ඉක්මනින් ගොඩබිම උණුසුම් වේ.


මාධ්‍යහ්න වන විට ගොඩබිමේ උෂ්ණත්වය මුහුදු ජලයේ උෂ්ණත්වයට වඩා වැඩි නිසා ගොඩබිමට ඉහලින් ඇති වාතය රත් වී ඉහළ යයි. එම අඩු පීඩනය පිරවීම සඳහා මුහුදේ සිට ගොඩබිමට සුළං ධාරාවක් ගලා යයි. දහවල් කාලයේ සිසිල ලබාදෙන මෙම සුළං මුහුදු සුළං යනුවෙන් හැඳින්වේ.

4.ගොඩ සුළං

රාත්‍රී කාලයේ දී ගොඩබිම ඉක්මනින් සිසිල් වේ .ඊට සාපේක්ෂව සාගරය සිසිල් වන්නේ සෙමිනි. මේ නිසා සාගරයේ අඩු පීඩන තත්වයක් ඇති වේ. සාගරයේ අඩු සමනය කිරීම සඳහා ගොඩබිම සිට හමන සුළං ගොඩ සුළං නමින් හඳුන්වයි.

ගොඩ සුළං හා මුහුදු සුළං අවුරුද්ද මුළුල්ලේ ම පාහේ පවතිනුයේ නිවර්තන ප්‍රදේශවල ය . මේවා විශේෂයෙන් ග්‍රීෂ්ම ඍතුවේ දී පමණක් ඇතිවේ.

3.5- සෞරග්‍රහ මණ්ඩලය හා පෘථිවියේ ස්වභාවය

සෞරග්‍රහ මණ්ඩලය

  • සූර්යයා ඇතුළු එය වටා පරිභ්‍රමණය වෙමින් පවතින ග්‍රහ වස්තු එක්ව ගත් කළ එය සෞරග්‍රහ මණ්ඩලය ලෙස හැඳින් වේ.

උදා:- ග්‍රහලෝක, චන්ද්‍රයින්, ග්‍රහක යනදේ ඇතුලත්ය.

සාමාන්‍යයෙන් සෞරග්‍රහ මණ්ඩලය හිරුමඬල ලෙසින්ද හඳුන්වයි.

සූර්යයා

  • සෞරග්‍රහ මණ්ඩලයේ මූලිකයා වන්නේ සූර්යයාය.
  • සූර්යයා පොළොවට ඉතා සමීපයෙන් ම පිහිටි තරුවයි. මේ නිසා පොළොවේ සිට බලන්නකුට අහසේ දක්නට ලැබෙන අනෙක් සියලුම තාරකා වලට වඩා සූර්යයා විශාලව පෙනේ.
  • මෙහි හැඩය දළ වශයෙන් ගත් කළ ගෝලාකාරය. හිරුගේ විෂ්කම්භය පොළවේ විෂ්කම්භය මෙන් 109 ගුණයෙකි.
  • සූර්යාගෙන් නිකුත් වන ආලෝකය පොළොවට පතිත වීමට මිනිත්තු අටයි තත්පර විස්සක් ගත වේ. ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර ලක්ෂ 3 කි.
  • සූර්යයා ගෙන් තාප ශක්තියත් ආලෝක ශක්තියත් නිකුත්වේ. සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් හය දාහක් පමණ වන අතර අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස්15000000ක් පමණ වේ.පොළොවේ සිට සූර්‍ය්‍යාට ඇති දුරහි සාමන්‍ය අගය ගත්විට කිලෝමීටර් මිලියන 150ක් පමණ වේ.


ග්‍රහලෝකයක් යනු

  • 2006 අගෝස්තු මස 24 දින අවසාන ජාත්‍යන්තර තාරකාවිද්‍යා තාරකා විද්‍යා සංගමය 26 වන සමූහය සමූහයේ ගන්නා ලද තීරණයකට අනුව ග්‍රහලෝක අර්ථ දක්වා ඇත.

තරුවක් වටා ගමන් කරන තරුවක් නොවන ගෝලාකාර හෝ ඊට ආසන්න හැඩයක් ඇති කර ගැනීමට සමත් ගුරුත්වයක් ස්කන්ධයක් ඇති තරු වටා එන ගමන් මග අවට පිහිටි ප්‍රදේශය පැහැදිලිව තබාගැනීමට සමත්වූ ග්‍රහ වස්තුව ග්‍රහ ලෝකයකි.


ග්‍රහලෝක 08 ක් පවතී.

1)බුධ

2)සිකුරු

3)පෘථිවි

4)අඟහරු

5)බ්‍රහස්පති

6)සෙනසුරු

7)යුරේනස්

8)නෙප්චූන්

බුධ ග්‍රහයා

  • හිරුට ඉතා කිට්ටුම පිහිටි ග්‍රහලෝකයයි.අතීතයේ රෝමවරු එය මර්කරි ලෙස හඳුන්වන ලදී.
  • මෙය සූර්‍යයා වටා වේගයෙන් ම පරිභ්‍රමණය වන ග්‍රහලොවයි.එය තත්පරයට 47.9km වේගයකින් භ්‍රමණය වෙයි.හිරු වටා යාමට දින 88ක් ගත වේ.බුධගේ දවසක කාලය දින 58. 65කි.
  • බුධ මතුපිට විශාල ආවට හා කඳු පිහිටා තිබේ .නිරන්තරයෙන් උල්කාපාත වල ගැටීම් වලට ලක්වේ.
  • මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -180ත් ධන 430ත් අතර වේ.ඉතා තුනී වායුගෝලයක් ඇත. එහි ප්‍රධාන වශයෙන්ම ඇත්තේ හයිඩ්‍රජන් හා හීලියම් යන වායුන්ය.
  • බුධ ග්‍රහයා මතුපිට සිටින්නෙකුට අහස පෙනෙන්නේ කළු පැහැයෙනි.
  • බුධගේ ඇතුලත පැහැය නිර්මාණයට වැඩි වශයෙන් දායක විය ඇත්තේ යකඩය.
  • බුධ හිරුට සමීපයෙන් පිහිටා ඇති නිසා එය දැක ගත හැකි ඉතා අපහසුවෙනි.
  • හිරු උදාවට ස්වල්ප වේලාවකට කලින් නැගෙනහිර අහසේත් හිරු බැස යාමත් සමග බටහිර අහසේත් දැකගත හැකිය.


සිකුරු ග්‍රහයා

  • හිරුගෙන් ඉවතට පිහිටන්නා වූ දෙවන ග්‍රහලොවයි. අවුරුද්දේ සමහර කාල වල හිරු නැගීමට ආසන්න කාලයේ නැගෙනහිර අහසේත්, සමහර කාලවල හිරු බැස යාමෙන් පසු බටහිර අහසේ දීප්තිමත්ව දැකගත හැකිය.
  • නැගෙනහිර අහසේ දක්නට ලැබෙන විට පහන් තරුව ලෙසත් බටහිර අහසේ දක්නට ලැබෙන විට ඉර බටු තරුව ලෙසත් හැඳින්වේ.
  • රෝමවරු මෙය විනස් නමින් හඳුන්වයි.සිකුරුගේ භ්‍රමණ කාලය දින 243කි.පරිභ්‍රමණ කාලය දින 224.7කි.
  • ඝනකම් වායුගෝලයක් ඇත .සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම ඝනත්වයක් ඇති වායුගෝලය තිබෙන්නේ සිකුරුටය .අභ්‍යන්තර සැකැස්ම බෙහෙවින්ම පෘථිවියට සමානය.
  • සිකුරු පෘෂ්ඨය මතුපිටින් විශාල කඳු හා අවට දක්නට ලැබේ.එහි බහුලව ගිනිකඳු දක්නට ඇත. දක්ෂිණාවර්තව භ්‍රමණයවෙයි.


පෘථිවිය

  • හිරුගේ සිට තුන් වන විට පිහිටා ඇත. අප සෞරග්‍රහ අප සෞරග්‍රහ මන්ඩලය ජීවයේ පැවැත්මට අවශ්‍ය සාධක තිබෙන එකම ග්‍රහලොවයි.
  • පෘථිවියට තම අක්ෂය වටා භ්‍රමණය වීමට පැය විසි තුනයි විනාඩි 56 තත්පර හතරක් ගත වෙයි.හිරු වටා ගමන් කිරීමට දින 364.26 ක් ගත වෙයි.
  • හිරු වටා ගමන් කරන වේගය තප්පරේට කිලෝමීටර 29.8කි.
  • මෙය ප්‍රධාන වශයෙන්ම නයිට්‍රජන්, ඔක්සිජන් ,ජල වාෂ්ප නිශ්ක්‍රීය වායු ,කාබන් ඩයොක්සයිඩ් වැනි වායු මිශ්‍රණය කින් සමන්විත වේ.
  • පෘථිවියේ වැඩිපුරම ඇති මූල ද්‍රව්‍ය යකඩය.එය පොළවේ යපස් ලෙස ඇත.
  • කබොලේ විශේෂත්වය වන්නේ ජීවීන්ට ජීවත් වීමට සුදුසු තත්ත්වයක තිබීමයි.
  • එය පහසුවෙන් උණු නොවේ.පෘථිවිය මත විශාල කඳු රාශියක් පිහිටා ඇත.
  • කඳු වලට අමතරව ග්‍රහක වැටීම හේතුවෙන් සැදී සෑදී විශාල හා කුඩා ආවට ඇත.


අඟහරු ග්‍රහයා

  • මෙය දීප්තියෙන් සිකුරු ග්‍රහයාට පමණක් දෙවැනි වේ.අහසේ රතු පාටින් දිස් වන නිසා රතු ග්‍රහයා ලෙසින් ද හැඳින්වේ.
  • රෝමවරු මෙම අඟහරු ග්‍රහයා යුද්දෙට අධිපති දෙවියා වූ මාර්ස්ගේ නමින් හඳුන්වන ලදී
  • භාරතීයයන් කුඩා ග්‍රහයා ලෙස හඳුන්වන ලදී.අඟහරුට වඩා ප්‍රමාණයෙන් කුඩාවට ඇත්තේ බුධ පමණි .
  • අඟහරුගේ භ්‍රමණ කාලය පැය 24 විනාඩි 37 කි පරිභ්‍රමණ කාලය පෘථිවි දින 687 කි.
  • CO2 ප්‍රධාන වශයෙන් ඇති තුනී වායුගෝලයක් අඟහරුට ඇත .
  • ඊට අමතරව N, Ar, CO, O2 හා ජල වාෂ්ප ද ඉතා සුළු වශයෙන් ඇත.
  • මෙම ග්‍රහලෝකය ගල් වලින් සෑදී කාන්තාරයක් ලෙස දැක්වේ.එය මතුපිට නිම්න හා ආවට ඇත.
  • ඔලිම්පික් මොන්ස් යන නමින් හඳුන්වන සෞරග්‍රහ මණ්ඩලයේ උසම ගිනිකන්ද පිහිටා ඇති අඟහරු මතුපිට යි.


‍බ්‍රහස්පති ග්‍රහයා

  • අතීතයේ රෝම වැසියන් සියලු දෙවියන් අතර රජ යන අර්ථයෙන් බ්‍රහස්පති ජුපිටර් ලෙස හඳුන්වන ලදී.
  • සෞරග්‍රහ මන්ඩලය විශාලතම ග්‍රහලෝකයයි. ප්‍රධාන වශයෙන්ම සැකසී ඇත්තේ වායුන්ගෙනි.
  • තමා වටා භ්‍රමණය වීමට ගතවන්නේ පැය 9 විනාඩි 55 කි. සෞරග්‍රහ මණ්ඩලයේ කෙටිම දිගකින් යුත් දවසක් ඇත්තේ බ්‍රහස්පතිට ය.
  • වේගයෙන් බ්‍රමණය වීමේ නිසා කුනාටු ඇතිවේ කුණාටු අතරින් දරුණුම කුණාටුව පවතින ස්ථානය මහා රතු ලපය ලෙස හඳුන්වයි.
  • ග්‍රහලෝකය වටා අඳුරු වළලු කීපයක් පිහිටා ඇත.
  • බ්‍රහස්පතිගේ වායුගෝලයේ ප්‍රධාන වශයෙන් ඇත්තේ H2 ය.මීට අමතරව CH4, ඊතේන්, ජල වාෂ්ප, CO, ඇසිටලීන් වැනි වායුන් සුළු වශයෙන් ඇත.
  • මෙහි ප්‍රබල චුම්බක චුම්භක ක්ෂේත්‍රයක් ඇත ඒ නිසා එහි ඇති වායු සූර්ය සුළඟට නිරාවරණය වීමක් නැත.
  • බ්‍රහස්පති ග්‍රහලෝකය වශයෙන් බොහෝ කාල වල රාත්‍රිය පුරාම අහසේ දැකගත හැකි වේ.


සෙනසුරු ග්‍රහයා

  • අතීත මිථ්‍යා කථා වල ආකාරයට සෙනසුරු යනු කෘෂිකර්මයට අධිපති දෙවියන්ය .
  • සෞරග්‍රහ මන්ඩලය විශාලත්වයෙන් දෙවැනි ස්ථානය ගනී.
  • මෙය වායුමය ග්‍රහලෝකයක් වේ.ඇසට පෙනෙන අවසන් ග්‍රහ ලොව මෙයයි භ්‍රමණ කාලය පැය 10.6 කි.හිරු වටා පරිභ්‍රමණය ට අවුරුදු 29.5 ක් ගනී.
  • සෙනසුරු ග්‍රහයාට අලංකාර වළලු පද්ධතියක් ඇත.සෞරග්‍රහ මන්ඩලය අලංකාරම ග්‍රහලෝකය ලෙස හඳුන්වයි.
  • සෙනසුරුගේ ස්කන්ධයෙන් 80%ක් පමණ ඇත්තේ හයිඩ්‍රජන් ය .මේ නිසා ඝනත්වයෙන් ඉතා අඩුය .එහි සාපේක්ෂ ඝනත්වය 0.72 කි. එනම් සෙනසුරු ජලයේ ගිල්වුවහොත් පාවෙන තරමට එය සැහැල්ලුය.
  • සෙනසුරුගෙ වායුගෝලයේ ප්‍රධාන වශයෙන් ඇත්තේ H2 හා Heය.මීට අමතරව NH3, CH4,ඊතේන්, ඇසිටලීන් සහ ප්‍රොපේන් යන වායූන්ද අඩංගුය.


යුරේනස් ග්‍රහයා

  • මෙය ද වායුමය ග්‍රහලොවකි.පුරාණ මිථ්‍යා කථාවලට අනුව යුරේනස් අහසට අධිපතිත්වය දරන්නාය.
  • මෙය පියවි ඇසට පෙනෙන ග්‍රහලොවක් නොවේ.සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් තෙවන ස්ථානය ගන්නේ යුරේනස් ය.
  • මෙම ග්‍රහයාගේ දිවා කාලය ද අදුරුය.එයට හේතුව වන්නේ හිරුගේ සිට කිලෝමීටර් බිලියන 2871ක දුරින් පිහිටීමයි.
  • මෙම හරිනවා ග්‍රහලෝකයේ භ්‍රමණ කාලය පැය 17.24කි. හිරු වටා ගමන් කිරීමට ගන්නා කාලය අවුරුදු 84 කි.එය හිරු වටා තත්පරයට කිලෝමීටර් 6.8ක වේගයෙන් පරිභ්‍රමණය වේ.
  • යුරේනස් ග්‍රහලොවට ද වළලු 11ක් පමණ අඩංගු වළලු පද්ධතියක් තිබුණ ද ඒවා බෙහෙවින් ම අඳුරු ය .
  • දෑස් ග්‍රහයා ගේ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ එහි තමා වටා කරකැවෙන අක්ෂය පිහිටා ඇත්තේ එය හිරු වටා යන ගමන් මාර්ගය වැටී තිබෙන තලය ඔස්සේ ය.
  • සිරසේ සිට සියයට 98% ක ඇලවීමකි.යුරේනස් ගේ වායුගෝලයේ 83%ක් ම ඇත්තේ H2 වායුවයි.
  • මීට අමතරව මීතේන් , ඇසිටලීන්, හීලියම් යන වායු ඉතා සුළු ප්‍රමාණවලින් ඇත.


නෙප්චූන් ග්‍රහයා

  • හිරුගෙන් ඉවතට පිහිටි 08 වන ග්‍රහලොව නෙප්චූන්‍ ය.සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහලොවද මෙය වේ.
  • පියවි ඇසට නොපෙනෙ,දුරේක්ෂයකින් බැලු විට නිල් පැහැයෙන් දිස්වේ.
  • රෝමවරුන් මුහුදට අධිපති වූ දෙවියාගේ නම වූ නෙප්චූන් මෙම ග්‍රහලොවට දී ඇත.
  • මෙහි භ්‍රමණ කාලය - 16.11h, පරිභ්‍රමණ කාලය - අවු.164.74 වේ.
  • ග්‍රහලෝකය සූර්‍යාගේ සිට බොහෝ දුරින් පිහිටි නිසා අධික සීතලකින් යුක්තය.
  • වොයේජර් යානා මඟින් කළ සොයා බැලීම්වලට අනුව මෙහි ඉතා ම තුනි වළලු 5ක් තිබෙන බව සොයා ගන්නා ලදී,එම වළලුවලින් 3ක් ඉතා තුනී දූවලිවලින් සෑදී ඇත.
  • මෙම ග්‍රහ ලෝකයේ වායු ගෝලයෙහි ප්‍රධාන වශයෙන් ඇත්තේ H2 ,He ,සහ CH4 යන වායූන්‍ ය.
  • සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම සුළං හැමීමක් සහිත ග්‍රහලෝකය ද මෙයයි .මෙහි විශේෂත්වය වන්නේ ග්‍රහලොවේ භ්‍රමණය වන අතට නොව ඊට විරුද්ධ අතට මෙම සුළං හැමීමයි.
  • නෙප්චූන් ග්‍රහයාගේ පෘෂ්ඨයෙහි දින 16කට වරක් ඉතා හොඳින් දැකිය හැකි අඳුරු ලපයක් තිබේ. එම අඳුරු ලප මහා ලපය ලෙස නම් කර ඇත. එය ඇති වන්නේ සුළං නිසයි.
  • වොයේජර් දෙක යානය නෙප්චුන් ඇතුලට ගිය එකම යානයයි.
  • 2006 අගෝස්තු 24 දින ජාත්‍යන්තර තාරකා සංගමය මගින් තීරණය කරන ලද පරිදි ඒ වන තෙක් ග්‍රහලෝකයක් හැඳින්වුණු ප්ලූටෝ එම ස්ථානය අහිමි විය .
  • ඒ අනුව ප්ලූටෝ වාමන ග්‍රහලෝකය වශයෙන් නම් කර ඇති වෙනත් ග්‍රහ වස්තු වර්ගීකරණයකට ඇතුළත් කරන ලදී.


සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ සාරංශගත තොරතුරු

අහසේ දක්නට ලැබෙන තරු හා ග්‍රහලෝක වෙන් කර හඳුනා ගැනීම

තරු

ග්‍රහලෝක

  • දීප්‍ත වස්තු වේ.

(තමා විසින් ම ආලෝකය නිකුත් කෙරේ)



  • දෘශ්‍ය චලිතයක් ඇත.

තරු ගමන් කරන ලෙස පෙනුනට කිසිම විටෙක තරු එකිනෙක අතර දුර වෙනස් නොවේ.



  • නිවී දැල්වෙන ස්වභාවයක් පෙන්නුම් කරයි.
  • අදීප්‍ත වස්තු වේ.

(මේවා දැකිය හැකි වන්නේ සූර්‍යාලෝකය ඒවා මත වැටී පරාවර්තනය වීම නිසාය.)


  • සාපේක්ෂ චලිතයක් ඇත.

ග්‍රහලෝක ගමන් කරයි. එමනිසා නිශ්චිතව හඳුනාගත් තරුවකට ළඟා වන බවත් ඉන් ඔබ්බට යන බවත් නිරීක්ෂණය කළ හැක


  • ඒකාකාර දීප්තියෙන් බබළයි.


උපග්‍රහයෝ

  • පෘථවියේ සමීපතම ස්වභාවික උපග්‍රහයා උපග්‍රහයා චන්ද්‍රයාය .චන්ද්‍රයා අපට දිස් වන්නේ එය මත වැටෙන සූර්යාලෝකය පරාවර්තනය වීම නිසාය. චන්ද්‍රයා තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් පෘථිවිය වටා පරිභ්‍රමණය වේ .






  • චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය හා පරිභ්‍රමණ කාලය සමානය. මේ නිසා පෘථිවි වාසීන්ට නිරික්ෂණය වන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණි.
  • සඳ මතුපිට දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි පිහිටා ඇති අධික ආවට සංඛ්‍යාවයි.


  • සඳ මතුපිට ඇති ඇතැම් කඳු එවරස්ට් කන්දටත් වඩා උසය. සදේ ජලය නැත. ජීවීන්ගෙන් තොර ය.


  • සඳේ වැඩිකොටසක් සෑදී ඇත්තේ ඝණ පාෂාණ වලිනි.


  • පියවි ඇසින් සඳ දෙස බලන විට එහි ඇති ආවට කඳු වල ඡායාව දැකගත හැකිය .සඳෙහි හාවෙකු ලෙස දිස් වන්නේ මේවාය .


  • පෘථිවියට ස්වභාවිකව එක ග්‍රහයකු සිටිය ද සමහර ග්‍රහලෝකවලට ඊට වැඩි උපග්‍රහයන් සංඛ්‍යාවක් සිටී

චන්ද්‍ර කලා


  • සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමනය වන අතර පෘථිවිය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වේ.චන්ද්‍රයා අපට පෙනෙන ආකාරය නැතහොත් චන්ද්‍රයාගේ දෘශ්‍ය හැඩය වෙනස්වන රටාව චන්ද්‍ර කලා ලෙස හැඳින්වෙයි.





උල්කාපාත

  • රාත්‍රී අහස නිරීක්ෂණයේදී තරු කඩා වැටෙන්නාක් මෙන් දර්ශනය වන්නේ උල්කාපාතය.උල්කාපාත තරු නොව විශ්වය ගමන් කරන පාෂාණ කැබලි විශේෂයකි.


  • ඒවා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවන සමහර විට පෘථිවි වායුගෝලයට ඇතුළු වීමත් සමඟ ඇතිවන සමඟ ඇතිවන ඝර්ෂණය නිසා ගිනි ගනී .පෘථිවිය මතුපිටට වැටීමට පෙර ඒවා ගිනි ගන්නා නිසා ක්ෂණිකව නොපෙනී යයි.


  • නමුත් මේ උල්කාවක් ගිනි ගෙන අවසන් නොවුනහොත් එය පොළොවට පතිත වී විශාල ආවාටයක් සෑදේ.


  • වසර 40000කට පෙර ඉතා විශාල උල්කාෂ්ම කැබැල්ලක් කඩා වැටීමෙන් ඇති වී යැයි විශ්වාස කරන ඇමරිකාවේ ඇරිසෝනාවේ පිහිටි බැරින්ජා ආවාටයේ ගැඹුර අඩි 570කි.එහි විශ්කම්භය 1.186km කි.
  • පෘථිවි වාසීන්ට වාර්ෂිකව උල්කා වර්ෂා කිහිපයක් දක්නට ලැබේ. ඒවා දිස්වන්නේ තරු රටා කිහිපයක් ආශ්‍රිතවය.මේ නිසා ඒවා නම් කර ඇත්තේ තරු රටාව පදනම් කර ගෙනය.

තරු

  • රාත්‍රී අහස අහසේ අපට පෙනෙන තාරකා ප්‍රමාණය 7000 පමණ වුවත් විශ්වයේ අපට නොපෙනෙන තාරකා ප්‍රමාණය ඊට වඩා බොහෝ වැඩිය.


  • අපිට පෙනෙන නොපෙනෙන සෑම තරුවක්ම සූර්යයන් වේ.


  • තාරකා රතු, කහ, ලා නිල් පාට හෝ සුදු පාටින් දිස්වේ. උණුසුමින් අඩු තාරකා කහ හෝ රතු පැහැයෙන් දිස්වේ.


  • මෙම තාරකා දෙස බැලූ විට කිසියම් රටාවකට අනුව පිහිටා තිබෙන ආකාරය දැකිය හැකිය ඒවා දෙස බැලූ පැරැන්නන් මේවාට විවිධ නම් යෝජනා කර ඇත.


  • ඒ යුගවල පැවති ජන කතා, දේව කතාවල එන චරිත හා මනංකල්පිත චරිත ඒවායේ හැඩරුව හා විවිධ ස්වරූප තාරකා මණ්ඩල නම් කිරීමට යොදා ගෙන ඇත.


  • තවද තාරකා හා තාරකා රාශි හඳුන්වාදීමට විද්‍යා උපකරණ වල නම් ද භාවිතා කර ඇත. උදාහරණ වශයෙන් කොම්පසස්,මයික්‍රොස්කෝප් ආදිය.


  • තාරකා මණ්ඩල 88 අහසේ පිහිටා ඇත.


  • තාරුකා ඉතාමත් පැහැදිලිව දැකිය හැක්කේ අමාවක පෝය දිනයන්හි දී හා ඊට ආසන්න දිනයන්හිදීය.


  • තාරකා මණ්ඩල සියල්ලම ක්ෂිතිජයේ නැගෙනහිරින් හා බටහිරින් බැස යන බව පෙනේ. එයට හේතුව වන්නේ පෘථිවිය තම අක්ෂය වටා බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වීමයි


අවුරුද්දේ එක් එක් කාලවලදී දැකගත හැකි තරු රටා

තරු රටා හා එදිනෙදා ජීවිතය


  • නක්ෂත්‍ර විද්‍යාව සදහා යොදා ගන්නා සියලු රාශි අතීතයේදී යොදාගත් තාරකා රටා වලට අයත් වීම.


  • සෑම පුද්ගලයකුටම උපන් වේලාව අනුව රාශියක් හිමි වීම.


  • පැරැන්නන් කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමට යොදා ගැනීම.


  • අහසේ චමත්කාරය දෙස බලා බොහෝ කවි සංකල්පනා ඇතුළු නිර්මාණ බිහිවී තිබීම.


  • කාන්තාර වල හා මුහුදේ ගමන් කිරීමේදී දිශාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අතීතයේ දී බහුලව භාවිතා විය.

සූර්යග්‍රහණය

  • චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වීමේ දී සූර්යයා හා පෘථිවිය අතර චන්ද්‍රයා පිහිටන අවස්ථා ඇති වේ.මෙලෙස සූර්යයා චන්ද්‍රයා හා පෘථිවිය එකම සරල රේඛාවක පිහිටන විට චන්ද්‍රයාගේ ඡායාව පෘථිවිය මත පතිත වීමට පුළුවන.


  • එවිට එම සෙවනැල්ල වැටුණු ප්‍රදේශයේ සිටින අයට සූර්යයා නොපෙනී යයි.එය සූර්යග්‍රහණය නමින් හඳුන්වයි.


  • සූර්යග්‍රහණයක් සිදු වන්නේ අමාවක පොහොය දිනක දිවා කාලයේ දීය.


  • සූර්යග්‍රහණ පියවි ඇසින් ඇරඹීම ඇස් වලට හානි ගෙන දෙන්නක් වන හෙයින් ඒවා නරඹන විට ආරක්ෂිත ක්‍රම පිළිපැදිය යුතුවේ.

චන්ද්‍රග්‍රහණය

  • චන්ද්‍රයා හා සූර්යයා අතර ට පෘථිවිය පැමිණි ඒක රේඛීයව පිහිටීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට පතිත වීමෙන් චන්ද්‍රග්‍රහණයක් සිදුවේ.චන්ද්‍රග්‍රහණයක් සිදු විය හැක්කේ පුර පසළොස්වක පොහොය දිනයක පමණි. එය රාත්‍රී කාලයෙදි සිදුවේ.
  • චන්ද්‍රග්‍රහණ පියවි ඇසින් ඇරඹිය හැකි අතර එය පෘථිවියේ විශාල ප්‍රදේශයකට දිස්වේ.
  • පෘථිවියේ සෙවනැල්ල සහ චන්ද්‍රයාගේ සාපේක්ෂ පිහිටීම අනුව චන්ද්‍රග්‍රහණ පූර්ණ, අර්ධ සහ ඡායා ලෙස වර්ග තුනකට බෙදේ.

වඩදිය බාදිය ඇතිවීම

  • සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ ඒකාබද්ධ ගුරුත්වාකර්ෂණ බල හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ හා පහළ යාම වඩදිය බාදිය ලෙස හඳුන්වයි.
  • අමාවක හා පසළොස්වක පොහෝදා අතර කාලය තුල සූර්යයා, පෘථිවිය හා චන්ද්‍රයා ග්‍රහ වස්තු තුනම එකම සරල රේඛාවක පිහිටයි. මේ නිසා සූර්ය හා චන්ද්‍ර යන දෙදෙනාගේම බලපෑමෙන් වඩදිය හටගනී .
  • වඩදිය ඇතිවන පැත්තට විරුද්ධ පැති වල බාදිය හටගනී .නමුත් ආව අවඅටවක හා පුර අටවක අතර කාලයේ චන්ද්‍රයා පිහිටන්නේ සූර්යයාට සෘජුකෝණීයව ය .
  • සමහර වරායන් වලට නැව් ඇතුලු වීම සිදුවන්නේ වඩදිය අවස්ථාවේය.
  • එමෙන්ම වඩදිය අවස්ථාවේ ලුණු ලේවා තුළට සාගර ජලය පහසුවෙන් ලබාගත හැකි වේ .

ග්‍රහක

  • සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහ ලෝක අතර විශාල ගල් කැබලි වලින් සෑදී වළල්ල ග්‍රාහක ලෙසින් හඳුන්වයි .
  • මේවා ඇස්ටරොයිඩ් ලෙසද හඳුන්වයි.ග්‍රහක වළල්ලේ දැනට හඳුනාගෙන තිබෙන විශාල ම ග්‍රහකය වන්නේ සෙරස්‍ ය.
  • මෙහි විශාලත්වය 913km කි. මෙය පැය 9කට වරක් හිරු වටා පරිභ්‍රමණය වේ.
  • ග්‍රහක වළල්ලේ දෙවන ලොකුම ග්‍රහකය පලස්‍ ය.විශාලත්වය 523km,කි.
  • වැඩිම දීප්තියක් ඇති ග්‍රහකය වන්නේ විශාලත්වයෙන් තෙවැනි ස්ථානය ගන්නා වෙස්මා ග්‍රහකයකි.එහි විශාලත්වය 501km කි.
  • මෙම ග්‍රහක සමහර විට පෘථිවියට ආසන්නයෙන් ගමන් කරයි .
  • 2004 වසරේ සැප්තැම්බර් 29 දින 4179 toutatis නම් ග්‍රහකය පෘථිවියට කිලෝමීටර් මිලියන 1.6ක් තරම් සමීපයෙන් ගමන් කර ඇත.
  • පෘථිවිය ග්‍රහකය ක ගැටීමට ලක් වුවහොත් ඉතා බිහිසුණු විනාශයක් සිදුවිය හැකිය.


දිවා රාත්‍රිය ඇතිවීම

  • සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමනය වීමේ දී සූර්යයා දෙසට හැරී ඇති පෘථිවි අර්ධයට සූර්යාලෝකය ලැබේ.එවිට සූර්යාලෝකය ලැබෙන කොටසට දිවා කාලය ද හිරු එළිය නොලැබෙන කොටසට රාත්‍රී කාලය ද වේ. පෘථිවියේ භ්‍රමණය නිසා ක්‍රමයෙන් දිවා කාලය හා රාත්‍රිය මාරුවෙන් මාරුවට ඇතිවේ.


Day to Night


සෘතු විපර්යාස

  • සූර්යයා වටා එක් වරක් පරිභ්‍රමණය වීම සඳහා පෘථිවියට දින 365 මිනිත්තු 9 තත්පර 9.54 ක් ගත වේ.
  • පෘථිවිය අංශක 23 1/2 ක් ඇලව පිහිටීම නිසා මධ්‍යම අක්ෂාංශ වල පිහිටි රටවල් එකිනෙකට වෙනස් සෘතු භේද හතරකට බඳුන් වෙයි .
  • මාර්තු 21දා උත්තරාර්ධ ගෝලයට වසන්ත සෘතව උදාවන අතර සමකයට ලම්බකව සූර්යයා පිහිටයි .දිවා රාත්‍රිය මුළු පෘථිවියේ මුළුල්ලේම පැය 12 බැගින් පවතී.
  • අවසානයේ ජුනි 21දා වන විට සූර්යයා ,උතුරු අක්ෂාංශ 23 1/2 පිහිටි කර්කටක නිවර්තනයට ඉහළින් පිහිටයි.මෙහිදි උත්තරාර්ධ ගෝලයට ගිම්හාන සෘතුව උදාවෙයි.
  • උත්තරාර්ධ ගෝලයට සරත් සෘතුව උදාවන සැප්තැම්බර් 23 දක්වා යළිත් සූර්යයා දකුණු දෙසට ගමන් කොට සමකයට මුදුන් වෙයි.
  • මෙය උත්තරාර්ධ ගෝලයට සිසිර සෘතුව වන අතර දක්ෂිණාර්ධ ගෝලයට ගිම්හාන සෘතුව වේ.
  • ධ්‍රැව වල සෘතු දෙකක් පවතී .වසර බාගයක් අතරතුර එක් ධ්‍රැවයක් සූර්යයා දෙසට ඇල වී පවතින අතර එයට අඛණ්ඩ සූර්යයා ලෝකය ලැබේ.
  • ඉතිරි සය මාසය තුළ එම ප්‍රදේශවලට සූර්යාලෝකය නොලැබේ.


ස්තූතියි...!